ව්‍යාජ ලේඛන සහිතව ළඟ තබාගත් අලි පැටවුන් දෙදෙනෙකු අද (02දා) පොලිස් අපරාධ දෙපාර්තමේන්තුව හා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පින්නවල අලි අනාථාගාරයට බාරදුන් බව වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නියෝග මත ගනේගොඩ සහ හෝකන්දර යන ප්‍රදේශවල ව්‍යාජ බලපත්‍ර සහිතව රඳවාගෙන සිටි අලි පැටවුන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව ඒ මහතා සඳහන් කළේය.