තලවිල ශාන්ත ආනා දේව මංගල්‍යයට විශේෂ දුම්රිය
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ පැවැත්වෙන දේව මංගල්‍යයට සහභාගිවන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව මාර්තු 11 වැනිදා මොරටුව දුම්රිය ස්ථානයෙන් සවස 2.10 ට හා කොටුව දුම්රිය ස්ථානයෙන් සවස 3.40 ට දුම්රිය දෙකක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව මාර්තු 11, 12 සහ 13 යන තෙදින තුළ සෑම දිනකම කොටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 9.35 ට හා සවස 1.10 ට දුම්රියන් ධාවනය කිරීමට නියමිතය.
මාර්තු 11, 12 සහ 13 යන තෙදින තුළ පාලාවි දුම්රියස්ථානයේ සිට සවස 2.55 ට, සවස 6.07 ට හා රාත්‍රී 9.10 ට දුම්රියන් ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිනපතා ධාවනය වන දුම්රියන්
කොළඹ කොටුව සිට පාලාවි දක්වා
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීම-පෙ.ව. 4.00, පෙ.ව. 7.40, පෙ.ව. 11.55, ප.ව. 5.18 (සෙනසුරාදා සහ ඉරිදා ධාවනය නොවේ)
පාලාවි සිට මරදාන සහ කොළඹ කොටුව දක්වා
පාලාවි දුම්රිය ස්ථානයෙන් පිටත්වීම - පෙ.ව. 4.40, පෙ.ව. 10.05, ප.ව. 1.30, ප.ව. 4.55 (සෙනසුරාදා සහ ඉරිදා ධාවනය නොවේ)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

