විදේශ රුකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ලේකම්වරයෙකු බව පවසමින් ජපන් රටේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වූ පූද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පුද්ගලයා ජපන් රටේ රැකියා අවස්ථා ලබාදීමට රුපියල් ලක්ෂ 6ක් අවශ්‍ය කරන බව පවසා තිබේ. රැකියා ලබාදීමට අවශ්‍ය කරන මූලික වියදම් ලෙස එක් අයෙකුගෙන් රු.40,000ක් හා අනෙකාගෙන් රු.10,000 හා ඔවුන් දෙදෙනාගේ පාස්පෝට් ඔහුගේ භාරයට ගෙන ඇත. අදාළ සැකකරු අමාත්‍යවරියගේ ලේකම් ලෙස පවසමින් කෙටි පණිවිඩ හා දුරකතන ඇමතුම්ද ලබා දී තිබේ. මේ පිළිබඳව මුදල් ලබාදුන් පුද්ගලයින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ සැකකරු මහනුවරදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
මේ ආකාරයේ මුදල් එක්රැස් කරන පුද්ගලයින්ට නොරැවටෙන ලෙසත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 0112864119 යන දුරකතන අංකයට දැනුම්දෙන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දැනුම් ෙදයි.