- අාධාර පත්‍රවල නම සඳහන් තරුණියගේ මවගේ හා පියාගේ අතටම හසුවෙලා
පාද වල ඇති රෝගී තත්ත්වයක් හේතුවෙන් වසර 16 ක් එක්තැන්වී සිටින තරුණියකගේ නම ලිපිනයන් සහිත ආධාර පත්‍රයක් වංචනිකව මුද්‍රණයකර, තමාගේ නැගනිය බව පවසමින් අනුරාධපුර නගරයේ බස්රථවල අලෙවි කරමින් සිටි තරුණයෙකු නිට්ටඹුවේ පදිංචිව සිටින තරුණියගේ මව හා පියාට අහඹු ලෙස හසුවී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන රාජකාරියේ නිරතවූ නිලධාරීන් දෙදෙනෙකුට භාර දීමෙන් අනතුරුවඊයේ (04) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තඹුත්තේගම, ගම්මාන අංක හත, වෙහෙරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු විසින් කන්දලන්ද, නිකහැටිකන්ද, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටින ආබාධිත 19 හැවිරිදි තරුණියකගේ විස්තර භාවිතකර, ඇය තමාගේ නැගනිය බවත් වයස අවුරුදු තුනේ සිට සුවකළ නොහැකි රෝගයකින් පෙළෙන බවත් ඇයගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීමට හැකියාවක් නොමැතිබවත් පවසමින් රුපියල් 50ක ආධාර පත්‍රයක් මුද්‍රණයකර තඹුත්තේගම සිට අනුරාධපුර නගරයට ධාවනයවූ බස් රථයක අලෙවිකර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.
එම බස් රථයේම අදාළ තරුණියගේ මව හා පියා ගමන්කර ඇති අතර තරුණයා එම දෙදෙනාටත් ආධාර පත්‍රයක් මිලදී ගන්නා ලෙස පවසා තිබේ.තරුණියගේ මව ආධාර පත්‍රයේ සටහන්වූ නම, ලිපිනය කියවා එම ස්ථානයට යන්නේ කෙසේදැයි සැකකාර තරුණයාගෙන් විමසා ඇති අතර,සැකකරු කාන්තාවගේ විමසීමෙන් අනතුරුව එයට පිළිතුරු දීමට තරුණයාට නොහැකි වී තිබේ. එම කාන්තාව බසයේ සිටි මගීන්ට පවසා ඇත්තේ එම විස්තර රෝගීවි සිටින තම දියණියගේ බවයි.
පසුව ඒ පිළිබදව බස් රථයේ රියදුරාට හා කොන්දොස්තරවරයාට පවසා,එම තරුණයා අනුරාධපුර නව බස් නැවතුමේ රාජකාරි සිදුකළ පොලිස් නිලධාරීන්ට බාරදී තිබේ.
රුපියල් 50 බැගින්වූ ආධාර පත්‍ර විශාල ප්රමාණයක්සැකකරු ඒ වනවිටත්එම බස් රථයේ අලෙවිකර තිබූබව පොලීසිය පැවසුවේය.අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ අනන්‍යතාව ඔප්පුකිරීම සඳහා කිසිදු ලේඛනයක් සන්තකයේ නොතිබූ බව පොලිසිය පැවසුවේය.
අදාළ කාන්තාව පොලිසියට පවසා ඇත්තේ සිය දියණියගේ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට මීට පෙර රුපියල් 20ක ආධාර පත්‍රයක් ජනතාව අතරේ අලෙවිකළ බවයි.සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, ඔහුගේ මිතුරෙකු විසින් ආධාර පත්‍රිකාව මුද්රණයකරදී තිබෙන බව පොලීසියට පවසා තිබේ.