තමන්ට තර්ජනය කොට තීරණ ලබාගත නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ රංජිත් ද සොයිසා මන්ත්රීවරයා විසින් සභාව තුළදී ඇඟිල්ල දිගුකර තමන්ට තර්ජනය කළ බවත්, මෙය පාර්ලිමේන්තුවක් මිසක ප්රාදේශීය සභාවක් නොවන බවත් කථානායකවරයා අවධාරණය කර සිටියේය.
සයිටම් ආයතනය සම්බන්ධව දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ විශේෂ ප්රකාශයකින් පසුව සභාවේ ඇතිවූ උණුසුම් තත්ත්වය තුළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් සභාවේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරෙන බවත්, දිගින් දිගටම එවැනි බාධාකිරීම් කළහොත් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.