ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායම හොඳින් සූදානම් බවත්, තරගයෙන් තරගය ජයග්රහණය කරා ඉදිරියට යාමට බලාපොරොත්තුවන බවත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා 'අද' ට ප්රකාශ කළේය.
තරගාවලියට ශ්රී ලංකා කණ්ඩායමේ සූදානම හා සැලසුම් පිළිබඳව 'අද' කළ විමසුමකට ප්රතිචාර දක්වමින් ඒ මහතා මෙම අදහස් නවසීලන්තයේ සිට පැවසීය.
"කට්ටියම හොඳට සූදානම්. කිසිම ප්රශ්නයක් නෑ. ඔක්කොම හොඳින් තියෙනවා. දැන් තියෙන්නෙ මැච් එකට ගිහින් අපේ උපරිමය ගේන එකයි. අපි උපරිම හොඳින් ක්රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. නවසීන්තයට එරෙහිව අවසානයට තිබුණ තරගය අපි ජයගත්තා. අපිට බය වෙන්න දෙයක් නෑ. අපි තරගයෙන් තරගයට සැලසුමක් අනුව යනවා. තරගයෙන් තරගය දිනාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. " යනුවෙන් ඔහු සඳහන් කළේය.
සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැති පුහුණු තරගයෙන් පසුව ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (12දා) විවේකයෙන් පසුවූ අතර කණ්ඩායම තරගාවලියට පෙරාතුව එක්වන අවසන් පුහුණු සැසියට අද පෙරවරුවේ එක්වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් පළමු තරගයට එක්වන අවසන් 11 දෙනා පිළිබඳව ඊයේ (12දා) වනවිට අවසන් තීරණයක් ගෙන නොතිබුණ බවත් කළමනාකාරවරයා දන්වා සිටියේය.
පුහුණු තරග දෙකේ ප්රතිඵලය පිළිබඳව කණ්ඩායම එතරම් තැකීමක් නොදක්වන බවත්, ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපතිවරයාද කණ්ඩායම හා සිටින බවත් මයිකල් ද සොයිසා මහතා පැවැසීය.
"කවුද තරගයට සෙල්ලම් කරන්නෙ කියලා තීරණයක් අරගෙන නෑ. පුහුණු තරග දෙකේදීම 15 දෙනාම සෙල්ලම් කළා. ගොඩක් පිතිකරණයේ යෙදුණා. ඒ වගේම පන්දු යවන්නන් සැමදෙනාම මාරු කර යොදාගත්තා. අන්තිම පුහුණු තරගයේදී ඇන්ජලෝ හා ඩිල්ෂාන් බැට් කළේ නෑ. එ දෙන්නා නැතිව අපි 280ක් විතර ලකුණු ලබාගත්තා. ඒ දෙන්නත් හිටියනම් අපි ලකුණු 300 සීමාව පසුකරනවා. පුහුණු තරග අපි වැඩිය ගණන් ගන්නේ නෑ. ඒවා එහෙම තමයි." යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවැසීය.