සූදුපොළවල් ආරක්ෂා කිරීමට අධිකරණය යොදාගැනීමට සූදානම් නොවන ලෙසට තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් බුද්ධික ලෙව්කේ බණ්ඩාර මහතා තඹුත්තේගම පොලීසියට අද (02දා) තරයේ අවවාද කළේය.
තඹුත්තේගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මුදලට ඔට්ටු තැබීමේ මධ්‍යස්ථානයක දේපළවලට හානි කිරීම සහ එහි සිටින පුද්ගලයන්ට හිරිහැර කිරීම වළක්වාලමින් භික්ෂූන් වහන්සේලා 3 දෙනෙකු ඇතුළු 5 දෙනෙකුට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තඹුත්තේගම පොලීසිය කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම අවවාද කිරීම සිදු කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙහිදී තවදුරටත් කියා සිටියේ සූදුපොළක් ආරක්ෂා කිරීමට තඹුත්තේගම පොලීසිය අධිකරණයෙන් නියෝග ඉල්ලා තිබෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධානවලට මුළුමනින්ම පටහැනි බවත්, සූදුපොළවල් ආරක්ෂා කිරීමට නීතියට පටහැනිව අධිකරණය යොදා ගැනීමට උත්සාහ කිරීමට උත්සාහ කිරීම පොලීසියේ රාජකාරිය නොවන බවත්ය.