වාකරේ, මාන්කේනි ප්රදේශයේදී සංචාරක වීසා මත මෙරටට පැමිණ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වෙළඳාම් කරමින් සිටි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (07දා) වාකරේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36, 40 වයස්වල පසුවන ඉන්දියාවේ තමිල්නාඩු ප්රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුහු වාලච්චේන මහේස්ත්රාත් අධිකරණයට අද (08දා) ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.