ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරන ලෙස හිටපු අමාත්‍යවරයෙක් වන වී. නාරයනසාමි සඳහන් කරයි.
එසේම ඉන්දීය ධිවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළහොත් ඔවුන්ට වෙඩි තබයිනම් එය සාධාරණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය හෙළා දැකිය යුතු බවත් ඔහු පෙන්වාදෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම සඳහා සූදානම් වන්නේ වසර 27කට පසුව වෙයි.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මං මෝහන් සිං මහතාද අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණත් තමිල්නාඩුවේ දැඩි බලපෑම මත එය අවලංගු විය.
කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදි මහතාට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් පවතින හෙයින් ඔහුට තමිල්නාඩුවේ බලපෑම වැදගත් නොවේ.