ඉන්දීය ජාතිකයින් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කිරීමට මේ වන විට තමිල්නාඩුව උණුසුම්කළ කරුණක් බවට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට ඔවුන් අඛණ්ඩ උපවාසයක් ආරම්භකර තිබෙන අතර ඒ සඳහා තවත් පිරිස් එක්වෙමින් තිබෙන බව හින්දු පුවත් සේවය වාර්තා කරයි.
මේ අතර මරණ දඬුවම නියම වූ ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීමට අවශ්‍ය පියවර මධ්‍යම රජය නොගනිනනම් තමන්ට දුම්රිය මාර්ග අවහිර කිරීමට සිදුවන බව විරෝධතාකරුවෝ ඉන්දීය රජයට බලකර සිටියි.