තමිල්නාඩු ශ්‍රී ලංකා මත්කුඩු ප්‍රවාහනය ධීවරයන් හරහා
තමිල්නාඩු ශ්‍රී ලංකා මත්කුඩු ප්‍රවාහනය ධීවරයන් හරහා සිදුවන බව මත්ද්‍රව්‍ය වැටලීම් වෙනුවෙන් සම්බන්ධ අංශ පවසා ඇතැයි ඉන්දියාවේ ‘වන්ඉන්ඩියා’ වෙබ් අඩවිය පෙන්වාදෙයි.
තමිල්නාඩුව බොහෝ කාලයක සිට ජාවාරම්කාර ක්‍රියා වෙනුවෙන් ප්‍රසිද්ධ මධ්‍යස්ථානයක් විය. ශ්‍රී ලංකාවේ රුදුරු කොටි ත්‍රස්ථවාදය නිමවී කලක් ගතවීමත් සමග මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීමක්, අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන දිනයක් නැති තරමට මත්ද්‍රව්‍ය ජාවාරම ඉහළ ගියේය.
ශ්‍රී ලංකාව තුළ හෙරොයින් වෙනුවෙන් දැඩි ඉල්ලුමක් තිබීම සහ සවිවර මුහුදු සීමා තිබීම නිසා මෙම තත්ත්වය වඩා ඉහළ ගියේය. තොටුපොළවල් දෙකෙහි කිට්ටුවන්ත භාවයද මෙම තත්ත්වයට වඩා උරදී තිබේ.
ත්‍රස්තවාදය පැවැති සමයේ මෙම මත්කුඩු රැගෙන ඒම සරණාගතයන් අතින් සිදු විය. මේ වනවිට එය ධීවරයන් හරහා සිදු වෙන බව ඉන්දීය මාධ්‍ය දක්වයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධීවරයන් හය දෙනෙකුගන් යුත් බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී කිලෝග්‍රෑම් 13.5ක හෙරොයින් තොගයක් හසුවීමත් සමග මොවුන් නිරන්තරයෙන් ධීවරයන් ලෙස දෙරට අතර ගමන් කර ඇති බව සොයා ගෙන ඇත.
මේ පිළිබඳව කටුයුතු කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙයට ධීවරයන් යොදාගෙන මුහුද මැදදී හෝ තොටුපොළකදී මත්ද්‍රව්‍ය හුවමාරු කරගැනීම පිළිබඳ දැඩි විශ්වාසයක් තබා ඇත.
එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර සියයකටත් අධික කාලයක් තිස්සේ මත්කුඩු ජාවාරම පැවැති අතර කොටි ත්‍රස්තවාදීන්ද එය මුදල් සෙවීමේ එක් ක්‍රමවේදයක් කරගෙන තිබිණි.
මෙම කටයුත්තේ යෙදෙන ධීවරයන්ට මෙම ජාවාරම්කරුවන් ගෙවන සිත්ගන්නාසුලු මුදල් නිසා ජීවිතාවදානමද නොසලකා මොවුන් මෙම කටයුත්තේ නියැළෙන බවද පැවසේ.
එෆිඩ්රයින් LSD, හෙරොයින්, කොකේන්, ගංජා, සූඩෝඑෆිඩ්රයින් සහ කෙටමයින් යන මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් අත්අඩංගුවට ගැනීම පසුගිය කාලය පුරාවටම සිදුවී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


