සංචාරක වීසා මත මෙරටට පැමිණ ආගමන විගමන නීති උල්ලංගනය කරමින් මනිබඩු වෙලදාම් කරමින් සිටි ඉන්දිය ජාතික පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු නුවරඑළියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අවුරුදු 51, 58, 61, 71 යන වයස්වල පසුවන ඉන්දියාවේ තමිල්නාඩු ප්රදේශයේ පදිංචි පුද්ගලයින් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. ඊයේ (17දා) අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර සැකකරුවන් අද නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.