ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට කොට්ට පැදුරු හකුළාගෙන යෑමට සිදුවේවි
තමන්ගේ කෙනාට මහ ඇමතිකම ලබාදෙන්නට මහජනතාවගේ රුපියල් ලක්ෂ දසදහස් හයසියයක් (10,600) වියදම් කළද ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට කොට්ට පැදුරු හකුළාගෙන යාමට සිදුවීම කිසිදු ජගතෙකුට නවතාලිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කටයුතු පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළාය.
ඊයේ (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවේ, ඌව පළාත තුළ තමන්ගේ කෙනා මහ ඇමති කරවීම වෙනුවෙන් භාණ්ඩ 18 ක් ජනතාවට බෙදාදීමට වර්තමාන ආණ්ඩුව මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 7400 ක මුදලක් වියදම් කර තිබෙන බවයි.
මීට අමතරව රට තුළ දිස්ත්‍රික්ක ගණනාවක නියං තත්ත්වයක් ඇති වී විශාල ජනතාවක් පීඩාවට පත්ව තිබියදී මොනරාගල දිස්ත්‍රික්කයේ ජතාවට පමණක් නියං සහනාධාර බෙදීමට ආණ්ඩුව රුපියල් ලක්ෂ 3200 ක් වියදම් කර තිබෙන බවද ඇය පවසා සිටියාය.
මේ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ එක් මනාපයක වටිනාකම රුපියල් 12,000 ක් බවත්, මෙම සියලුම මුදල් මහජනතාවගේ මුදල් බවත් ඒ මහත්මිය සඳහන් කළාය.
මෙතරම් මුදලක් වියදම් කර තමන්ගේ කෙනා මහා ඇමතිවරයා බවට පත් කළද, ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමට අවශ්‍ය සියලුම සැලසුම සකස් කර තිබෙන බවද අතුකෝරාළ මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.