මහියංගණ පූජානගරය ප්රදේශයේදී වළදමා තිබූ බිළිඳු සිරුරක් හමු වූ බවත්,මෙයට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් මහියංගන පොලීසිය පවසයි.
සැකකාර කාන්තාවගේ ගෙවත්තේ වළදමා තිබියදී එම නිවසේම ඇති කරන සුනඛයෙකු ඊයේ (11දා) රාත්රී 7.30ට පමණ මෙම සිරුර එම නිවසටම රැගෙන විත් තිබේ.
ඉන්පසු එම කාන්තාවගේ සැමියා මේ සම්බන්ධයෙන් මහියංගන පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
මෙම බිළිඳු සිරුර පණපිටින් වළ දැමුවේද නැතහොත් මළ දරු උපතක්ද යන්න හා සිරුරේ වයස අනාවරණය කරගැනීම අද (12දා) පැවැත් වීමට නියමිත මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසුව අනාවරණය කරගත හැකි බවද පොලීසිය පවසයි.
මේ වනවිට අදාළ කාන්තාව ප්රතිකාර ගැනීම සඳහා රෝහල් ගතව සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
මීගහකිවුල - එන්.කේ. නිශ්ශංක