සිගරට් අලෙවි කිරීමේදීතනි සිගරට්ටුවක් විකිණීම තහනම් කිරීමට අදාළ නීතිරීති ඇතුළත් යෝජනාව ලබන සතියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එසේම සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ දුම්පානය අවම කිරීම සඳහා දුම්කොළ බද්ද 90% දක්වා වැඩි කිරීම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හඳුන්වාදීමටද පියවර ගන්නා බවයි.
දුම්කොළ වගාවෙන් ඉවත්වන ගොවීන් සඳහා ලෝක බැංකුවේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය මත විකල්ප වගා ක්‍රම සඳහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.