සබරගමුව හා මධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50-75 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (20දා) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
එසේම මුහුදු ප්‍රදේශවල මෙන්ම දිවයින හරහා තද සුළං බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදෙශයේ සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බවත්, එම නිවේදනයේ සඳහන්වේ.
මෙය ඉදිරි පැය 18ක කාලයකටද අදාළ බව එම නිවේදනයේ වැඩිදුටරත් දැක්වේ.