තද සුළං සමග මුහුදු ප්‍රදේශ රළු වේ -ගොඩබිමත් තද සුළං
පුත්තලම සිට මන්නරාම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැ.කි.මී. 60 - 70 දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැටක පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු විය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.
මේ නිසා ධීවර හා නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මේ අතර, දිවයින හරහා (උතුරු පළාත හැර) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, දකුණු, වයඹ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල සහ මාතලේ, බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල) බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දන්වා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

