දිවයින හරහා හා දිවයින වටා මුහුනු ප්‍රදේශවල තරමක් තද සුළං තත්ත්වය හෙට (31) දා තෙක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවෙන බව ද අද (30දා) මධ්‍යාහ්නයේදී නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් වට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ද බස්නාහිර, වයඹ හා උතුරුමැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තරමක් තද සුළංද ඇතිවිය හැක.