තක්සේරු සේවා ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවන්ගේ සංගමය අද (07දා) එම දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විය.
ඔවුන් පසුගිය 25 වනදා දැනුම් දීමේ උද්ඝෝෂණයක් පැවැත්වුවද එයට ප්‍රතිචාර නොදැක්වීම නිසා මාර්තු 30 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරමින් සිටී. මෙවරද සිය ඉල්ලීම්වලට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වුවහොත් වැඩවර්ජනය නොනවත්වන බව එම සංගමයේ ලේකම් ආර්. එම්. සී. ධර්මසිරි මහතා පැවසුවේය.
මෙම සංශෝධිත තක්සේරු සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයට සහභාගි වීම සඳහා දිවයින පුරා සිටින හාරසිය විසිපහකට ආසන්න වූ සියලුම තක්සේරු නිලධාරීහු එක්ව සිටියහ.
ඡායාරූප ශමීර රාජපක්ෂ