තක්සේරු දෙපාර්තමේන්තුවට හා නිලධාරීන්ට ඇතිව තිබෙන ගැටලු විසඳීමට කටයුතු කරන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පොරොන්දුවක් ලබාදුන් බව රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ගැටලු විසඳන ලෙස ඉල්ලා ප්‍රමාණ කාර්යාලය ඉදිරිපිට පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහයට අද (06) දිනයට දින 77ක් ගතවී තිබෙන බවද එම සංගමයේ ලේකම් ඩී.එම්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මුදල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය නොකරන බවට පොරොන්දු වූ බවත්, මීට අමතරව තක්සේරු නිලධාරීන්ගේ ප්‍රමාණය 400ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවටද පොරොන්දු වූ බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ග හා සත්යග්රහ ව්‍යාපාර තවදුරටත් ක්‍රියාත්මත කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමට අද (06දා) රජයේ තක්සේරු නිලධාරීන්ගේ විධායක කමිටුව රැස්වෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
දැනට තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරීන් ලෙස සේවය කරන්නේ 120 දෙනෙකු බවද ඔහු පවසා සිටියේය.