තංගල්ල ප්‍රදේශය ඇතුළු දකුණු පළාතේ විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ලබාගත් අපරාධ කල්ලියක පස් දෙනෙකු තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර විශ්‍රාමික සාජන් මේජර්වරයෙකු, ධීවර අමාත්‍යාංශයේ නිලධාරියෙකු හා කාන්තාවක සිටිනබව පොලීසිය පවසයි.
එමෙන්ම මෙම පස්දෙනා හැරුණුකොට මෙහි ප්‍රධාන සැකකරු ගාල්ල බන්ධනාගාරයේ අපරාධ රැසකට දඬුවම් පමුණුවා සිටින නලින් පෙරේරා නමින් පෙනීසිටින්නෙකු බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.