තංගල්ල පරෙවි වැල්ල වෙරළෙහි යළිත් උග්ර විෂ සහිත ජෙලිෆිෂ් අවදානම පවතින බැවින් එහි දියනෑමට එන පිරිස් අවධානයෙන් සිටිය යුතු බව තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය දන්වා සිටී.
පසුගියදා තංගල්ල පරෙවි වැල්ලේ දියනාමින් සිටි පිරිසකගේ ඇඟේ මෙම ජෙලිෆිෂ් තැවරීම හේතුවෙන් අසාත්මිකතා ඇතිවී තිබුණි.
තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය පවසන්නේ, පසුගිය 10 වැනිදා සිට යළිත් මෙම ජෙලිෆිෂ් අවදානම ඇති වී ඇති බවත්, බොහෝ විට සවස් කාලය වනවිට මේ තත්ත්වය වැඩි බවත්ය.
උග්ර විෂ සහිත ජෙලිෆිෂ් කිහිපදෙනෙකු වෙරළට ගොඩගසා තිබූ බවත්, මෙනිසා තංගල්ල පරෙවි වැල්ලේ දියනෑමට පැමිණෙ පිරිස් පරීක්ෂාකාරී විය යුතු බවත් තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය දන්වා සිටී.
සූරියවැව - නුවන් ජයසේකර