තංගල්ල නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් ලබාගෙන ඇත. ඒ අද (26දා) තංගල්ල නගර සභාවේ සභාපති හා උප සභාපති එක්සත් ජාතික පක්ෂයෙන් පත්වීමත් සමගිනි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය.
සභාපති ලෙස රවිඳු වෙදආරච්චි මහතා පත්වූ අතර උප සභාපති ලෙස එම්.ඒ මොහොමඩ් සිරාස් මහතා පත්විය.සභාපති ධුරය සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් හේවා දුනුවිල හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රවිදු වෙදආරච්චි යන මහත්වරුන්ගේ නම් යෝජනා කෙරිණි.
අනතුරුව සභාපති තේරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එක සමාන ඡන්ද සංඛ්‍යාවක් දෙදෙනාම හිමිකර ගැනීම හේතුවෙන් කුසපත් ඇද සභාපතිවරයා කවුරුන්දැයි තේරීමට සිදු විය. එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ රවිදු වෙදආරච්චි මහතා සභාපති වරයා ලෙස තේරී පත් විය.