රුවන්පුර අධිවේගී මාර්ගය සහ දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය බර අධික වීම හේතුවෙන් තවදුරටත් ණය ලබාගැනීමෙන් සිදුවන දුෂ්කරතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙලෙස නව අධිවේගී මාර්ගවල වැඩ ආරම්භ කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
එමෙන්ම මෙම අධිවේගී මාර්ග තමන්ගේ වියදමින් ඉදිකිරීමට යම් සමාගමක් එකඟ වුවහොත්, එම අධිවේගී මාර්ගවල ආදායම වසර පහළොවක් දක්වා එම සමාගමට ලබාදීමේ එකඟතාව මත (BOT ක්‍රමය) මාර්ග ඉදිකිරීමට අවසර දීමටද රජය එකඟතාවකට පැමිණ ඇත.
එසේ වුවද මේ වනවිට වැඩ ආරම්භ කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු මාර්ගවල ඉදිකිරීම් අඛණ්ඩව සිදුකිරීමටද මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය හේතුවෙන් ඉදිරි වසර 10 තුළ පොළිය සහ ණය වාරික වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් ගෙවීමට සිදුව ඇති අතර, ඒ අනුව වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක් ගෙවිය යුතුව තිබේ.
මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් 'අද' කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ, “රටේ ණය ඉහළ මට්මමක තිබෙන්නේ. මේ නිසා රුවන්පුර අධිවේගී මාර්ගයයි, දඹුල්ල අධිවේගී මාර්ගයයි ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ.
මේ මාර්ග සඳහා ණය පහසුකම් ලැබීමේ අපහසුතා නිසා එහෙම කළත්, ඉදිරි කාලයේදී මාර්ග කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පාරවල් හදන්නේ ණය අරගෙන. ඒ ණය අපි ගෙවන්නත් වෙනවා. නමුත් කවුරුන් හෝ තමන්ගේ මුදලින් පාරවල් හදන්න එකඟ වුණොත් එම මාර්ගවලින් ඔවුන්ට වසර පහළොවක් පමණ අදායම් ලබාගෙන නැවත රජයට පවරන එකඟතාව මත (BOT ක්‍රමය) අධිවේගී මාර්ග ඉදි කරන්න අපි එකඟයි.
නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය ඒ විදිහටම කරගෙන යනවා. මේ වනවිට මධ්‍යම අධිවේගයේ අදියර තුනකින් වැඩ පටන් අරගෙන තිබෙන්නේ. රටේ ණය බර වැඩිවීම තමයි හිටපු ජනාධිපති මහින්දගෙන් අපට ලැබුණු දායාදය" යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.