ඇවන්ට් ගාඩ් ආයතනය විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගමට ගෙවිය යුතු රුපියල් කෝටි 91කට අධික ණය මුදල් ඉදිරි මාස 10 ක කාලය තුළදී ආපසු ගෙවීමට ඇවන්ට් ගාඩ් සමාගම එකඟ වී ඇතැයි වාර්තා වේ.
රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් ලබාගත් සේවාවන් වෙනුවෙන් ගෙවිය යුතු වූ රුපියල් කෝටි 91කට අධික මුදල් ගෙවීම වසර කිහිපයක්ම ප්රමාද කොට ඇති බව බරපතළ වංචා දූෂණ විමර්ශන කොමිසම හමුවේ හෙළිවීමෙන් අනතුරුව සමාගම් දෙකෙහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් කරන ලද සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇතැයි වාර්තා වේ.
රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරම්භ කළ 2010/2011 වර්ෂයේදී ඔවුන් ලැබූ රුපියල් මිලියන 666 ක ලාභය වෙනුවෙන් රජයට රුපියල් මිලියන 29 ක ලාභාංශ ගෙවා ඇති අතර, වසර දෙකක ලාභාංශ ගෙවීමෙන් පසු රක්නා ලංකා සමාගමේ ආදායම ශීඝ්ර ලෙස ඉහළ ගියද ඉන්පසු මේ වනතුරු එම ආයතනය රජයට ලාභාංශ ගෙවා නැති බවද හෙළි වී ඇත.