කොම්පඤ්ඤවීදිය ඩෝසන් විදියේ පිහිටි කොලෝනියල් මෝටර්ස් ආයතනයේ වාහන අමතර කොටස් ගබඩාවක හටගත් ගින්නේ අලාභය රුපියල් මිලියන 170 කට වැඩිවිය හැකි බවට එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ (11 දා) රාත්‍රී 8.15 ට පමණ සිදුවූ මෙම ගින්නට නිශ්චිත හේතුවක් අනාවරණය නොවන අතර, ගබඩාවේ තිබූ බැටරිවලින් ගින්න හටගන්නට ඇතැයි සැකකරන බව එම ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂක මහේන්ද්‍රන් තම්බයියා මහතා පැවසීය.
ගින්න හටගත් අවස්ථාවේ සිට කොළඹ නාගරික ගිනි නිවීමේ ඒකකයේ රථ හයක් පැමිණ ගින්න නිවීමට කටයුතු කළේය.
ප්‍ර‘දේශයට පොලිස් ආරක්ෂාවද යොදා තිබුණි. උඩු මහලේ පිහිටි වාහන අමතර කොටස් ගබඩාවට ගින්න ඇවිලී තිබුණද යටි මහලේ පිහිටි කර්මාන්ත ශාලාවට ගින්නෙන් හානියක් වී නොමැත.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ / සුපුන් සම්පත්