පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් විදේශයන්හි සඟවා තබන ලදැයි කියන ඇමෙරිකානු ඩෝලර් බිලියන පහක් පමණ වන වත්කම් සෙවීම සඳහා ඉන්දියාවෙන් උදව් ලබාදීමට එකඟවී තිබෙන ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් සේවය සඳහන් කරන්නේ විදේශයන්හි තබෙන වත්කම් සෙවීම සඳහා ඉන්දීය මූල්‍ය බුද්ධි අංශයේ ඒකකයක් කොළඹදී ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාව සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙන බවයි.
ඉන්දීය මූල්‍ය බුද්ධි අංශයේ විශේෂ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කර ඇත්තේ ඒ සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය උපකාර සිදුකළ හැකි බවට ඔහු පැවැසූ බවයි.
එසේම මෛත්‍රීපාල සිරිසේන රජය විසින් මේ සම්බන්ධයෙන් විධිමත් ඉල්ලීමක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවත් ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.