මියගිය ඩොල්පින් මත්ස්‍යයෙකුගේ සිරුරක් ඊයේ (25දා) තංගල්ල වෙරළ තීරයට ගොඩගසා ඇතැයි හුංගම කළමැටිය වනජීවී කාර්යාලයීය අඩවි ආරක්ෂක නිලධාරී උත්පල අදාරංග මහතා පැවසීය.
දකුණු මුහුදු තීරයේ ඩොල්පින් මත්ස්‍යයන් බහුලව ගැවසෙන ප්‍රදේශ තිබෙන බවත්, අඩි 05ක් පමණ විශාල මෙම ඩොල්පින් මත්ස්‍යයා මියගොස් ඇත්තේ කවර හේතුවකින්ද යන්න සොයා බැලීමට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හැකිවන බවත් වනජීවී නිලධාරීහු පැවසූහ.
තංගල්ල සංචාරක හෝටල් පිහිටි ප්‍රදේශයේ වෙරළ තීරයට මෙම ඩොල්පින් මත්ස්‍යයාගේ සිරුර ගොඩගසා තිබිණි.