ඩොලර්වලට යට වෙච්ච කාක්කෝ රටේ සිටින බවත්, රට පාවා දෙන්න ඒ අයට පුළුවන්කම තිබෙන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ, අද (10 දා) පස්වරුවේ මැදිරිගිරිය, ජාතික පාසලේ ඉදි කෙරුණු නව මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, ජිනීවාවල පත් කළ නියෝජිතයා අප රටට පැමිණීම සඳහා අවසර ඉල්ලා තිබෙන බවත්, එහි වගකීම ජනතාව වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තුවට පවරා, එම පැමිණීමට අවසර දෙනවාද නැද්ද යන්න තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විමසා තීන්දු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.