රුපියල ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබාගැනීමට සැලසුම් කර ඇතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළේය.
සුළු පොලී මුදලකට මෙම ණය මුදල ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ලංකාව ණය ගැනීමේ සීමාව ඉක්මවා ගොස් තිබෙන නිසා රටවලින් ණය ලබාදීම අඩුවී තිබෙන බවත්ඔහු පවසා සිටියේය.