ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ඉතිහාස ගත ලෙස ශ්රී ලංකා රුපියල අවප්රමාණය වෙමින් තිබෙන අතර අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 159.0445ක් ලෙස සටහන් විය. මෙය ශ්රී ලංකා ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිලේ වාර්තා වූ ඉහළම අගය වෙයි. ඊයේ දිනයේදී එය රුපියල් 158ක් බවට පත්විය.
ගතවූ මාස කිහිපය තුළදීම ඩොලරය රුපියල් 150 ඉක්මවමින් තිබේ. දේශපාලන අර්බුදය, විදේශ විනිමිය නොපැමිණීම, විදේශ ආයෝජන නොපැමිණීම, ආනයන වර්ධනය වීම වැනි හේතු කිහිපයක්ම මේ සඳහා හේතු වී තිබේ.
ඩොලරයක ගැණුම් මිල රුපියල් 55.2641ක් ලෙස දැක්විණ.