ඩො.බි. 09ක චීන වරාය ව්‍යාපෘතිය ගැන මියන්මාරය නැවත සලකා බලයි
චීන ණය යටතේ මියන්මාරයේ ක්යායුක්ප්යූහි ඉදිකිරීමට නියමිතව තිබූ නව වරාය ව්‍යාපෘතිය පිළිබඳ නැවත සලකා බැලීමට මියන්මාරය අවධානය යොමුකර තිබේ.
ඩොලර් බිලියන 09ක ආයෝජනයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද, එම මුදල් ආපසු ගෙවා ගැනීමේ ගැටලුවක් ඇතිවුව හොත් ඒය චීන පාලනයට නතු වීමට ඉඩ තිබීම හේතුවෙන් මියන්මාරය මෙම තීරණය ගෙන ඇත.
චීනය විසින් ක්‍රියාත්මක කරනු ලබන සේද මාවත සංකල්පය යටතේ මෙම වරාය ඉදිකිරීමට චීනය කටයුතු කරමින් තිබේ.
යම් හෙයකින් මෙම ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක වන්නේ නම්, එය මියන්මාර ඉතිහාසයේ ක්‍රියාත්මක වෙන විශාලම යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වෙයි.
චීනය ලංකාවේ ඉදිකළ හම්බන්තොට වරාය 99 අවුරුදු බදු පදනමක් මත චීනය නැවත ලබාගත්තේ එම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ලබාගත් ණය ආපසු ගෙවීමට නොහැකි වීම හේතුවෙනි.
(asia.nikkei.com ඇසුරිනි)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


