ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන ඩෙස්ට්රෑන් ඖෂධය ෆාමසිවලින් මිලදී ගත නොහැකි බවත්, රජය මගින් පමණක් ලබාදෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ඖෂධයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා ඒ ආකාරයට රජයෙන් ලබාදෙන බවත්, එම ඖෂධය මාසිකව තායිලන්තයෙන් තොග වශයෙන් ගෙන්වන අතර, හෙට දින තවත් තොගයක් ලැබීමට නියමිත බවත් ඇමතිවරයා සඳහන් කළේය.