ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ විවෘත වෙඩි තැබීමක් සිදුකළ පුද්ගලයා වෙඩි තබා ඝාතනය කළ බව කෝපන්හේගන් පොලීසිය පවසයි.
කෙසේ වෙතත් නගරයේ ස්ථාන දෙකකදී විවෘත වෙඩි තැබීම් සිදුකරමින් ජීවිත හානි සිදුකළ පුද්ගලයා ඔහුද යන්න සැකහැර දැනැගනීම සඳහා පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.
පළමු ප්රහාරයෙන් එක් පුද්ගයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබුනේ අවන්හලක නිදහස් අදහස් දැක්වීමේ අවස්ථාවකදීය.
දෙවැනි වෙඩි තැබීම සිදුව තිබුනේ නගරයේ ප්රධාන යුදෙව් භක්තිකයන්ගේ සම්මුති ශාලාවේදීය. ඉන් අයෙකු තුවාල ලබා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබීය.
මෙම ප්රහාර අතර සම්බන්ධතාවක් පවතින්නේද යන්න ගැන පැවසීමට තවමත් ඉක්මන් වැඩි බව පොලීසිය පවසයි.