ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වලට පැමිණීම හේතුවෙන් රෝගී කළමනාකරණ සේවාව විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (20දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධයෙන් තීරණ ගත් බව එම අමාත්‍යංශය පවසයි.
මේ අනුව අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ රත්නපුර මහ රෝහල යන රෝහල්වලට අධික ලෙස ඩෙංගු රෝගීන් පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව රෝහල්වල තදබදය අවම කිරීමට තලංගම, වෑතර, පිළියන්දල යන රෝහල් මෙන්ම ආනියාකන්ද සහ දංකොටුව යන ප්‍රාදේශීය රෝහල්වලට ද ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇත.
විශේෂයෙන් මෙම රෝහල්වලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කාවකාලිකව අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර ඩෙංගු රෝගී නිරීක්ෂණ යන්ත්‍ර ද කඩිනමින් ලබාගැනීමට කටයුතු යොදා ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.