ඩෙංගු මර්දනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සකස් කළ විද්‍යාත්මක ක්‍රමවේද අඩංගු ප්‍රතිපත්ති මාලාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි දින කිහිපය තුළ භාර දෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.
ඩෙංගු මර්දනය කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම නිසා ඩෙංගු උවදුර ඩෙංගු අධිවසංගත රෝගී තත්ත්වයක් දක්වා වර්ධනවී තිබෙන බවද පවසා සිටියේය.
මේනිසා වසරේ ගෙවී ගිය කාලය තුළදී ඩෙංගු රෝගීන් 63,987 ක් වාර්තා වී මරණ 200 ක් වාර්තා වන බවද ඒ මහතා සඳහන් කළේය.
ඩෙංගු උවදුර මර්දනය කිරීමට නම් විද්‍යාත්මක වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කළ යුතු බවද පවසා සිටියේය.