මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය මගින් බත්තරමුල්ල, උතුරු ග්‍රාම නිලධාරී වසමේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, රොබට් ගුණවර්ධන මාවත හා ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, ප්‍රජා සංවිධානවල සහභාගීත්වයෙන් 26 වැනිදා පෙ.ව. 9.30 ඩෙංගු මර්දන වැඩසටහන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
මෙම වැඩසටහනේදී කාර්යාල, නිවාස හා පොදු ස්ථාන පරීක්ෂා කිරීම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම හා විනාශ කිරීම, ගෘහස්ථ මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීම, අවශ්‍ය ස්ථාන සඳහා දුමායනය, එකතුවන කැළිකසළ නිසිපරිදි බැහැර කිරීම හා අවශ්‍ය අවස්ථාවලදී නීතිමය පියවර ගැනීම ආදිය සිදුකෙරේ.