ඩෙංගු රෝගය මර්දනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ නොහැකි බව සෞඛ්‍ය හා පෞෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙසේද පැවසීය. පිරිසුදු සිංගප්පූරුවේ ඩෙංගු රෝගීන් 30,000 ක් සිටිනවා. මැලේසියාවේ එක්ලක්ෂ විසිදහසක් පමණ සිටිනවා. ඩෙංගු කියන එක ලේසියෙන් මර්දනය කරන්න බැහැ. හැම දියුණු රටකම ඩෙංගු රෝගය තිබෙනවා මර්දනය කරගන්න බැරිව. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන්න බැහැ. මැලේරියා මදුරුවා මර්දනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ හැකි දෙයක්. අපි ඒක කළා. කියුබාවේ ඩෙංගු නැති කළේ බෝවෙන ගෙදරක් තිබුණොත් ඒ ගෙදරම විනාශ කරලා දාන්න නියෝග දීලා. මේකට බය වුණ ජනතාව ඒ සියලුම බෝවෙන තැන් ඉවත් කළා. එහෙම නියෝගයක් දෙන්න පුළුවන් වුණොත් ඩෙංගු රෝගය ලංකාවේ නැතිකරන්න පුළුවන් වෙවි. ඒනිසා තමයි දඩය 25,000 දක්වා වැඩි කරන්න මම නියෝග කළේ. ඩෙංගු රෝගය මර්දනය කරන්නනම් දැඩි තීන්දු ක්‍රියාත්මක කරන්න වේවි