ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ඩෙංගු මදුරු මර්දන සතිය අද (20) ආරම්භ විය. ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 153000 (එක්ලක්ෂ පනස්තුන්දහසක්) වාර්තා වී ඇති අතර අද(20) වන විට ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ 937 ක් පමණි. අද (20) සිට ලබන (26) දින දක්වා ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක අතර, ඒ සදහා කණ්ඩායම් 3000 ක් සේවයේ යොදවා ඇත. මෙහි සමාරම්භය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දී අද (20) පෙරවරුවේ දී පැවැත්විනි.මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග යළි ඩෙංගු රෝගය හිස එසවිය හැකි බැවින් අඛණ්ඩව මදුරු මර්දන කටයුතු සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය. ඒ සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය නිලධාරීන් සහ සේවක සේවිකාවන් ගන්නා උත්සාහය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.
කොළඹ මහනගර සභා බල සීමාවේ අද දින කණ්ඩායම් 68 ක් නිවාස පරීක්ෂා කිරිම සදහා යොදවා ඇත. එම කණ්ඩායම් දින 04 ක් පුරා නිවාස පරීක්ෂා කිරීමට නියමිතය