මෙම වර්ෂයේ ගත වූ මාස 10 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 21607ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 51.02 ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේන බවත් එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.