සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නව පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථම දිවයින පුරා සියලුම පාසල් පරිශ්‍ර පරීක්ෂා කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්ථාන විනාශ කර දූමායනය කටයුතු සිදුකිරීම මෙහි අරමුණයි.ඒ අනුව ලබන 27 සහ 28 දෙදින පාසල් පවිත්‍ර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය කටයුතු යොදා ඇත.