ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කර ඇති බවට ඇතැම් පුවත්පත් පළ කර ඇති වාර්තා සාවද්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබදව කිසිදු ගැටළුවක් නොමැති බවත් ඩෙංගු රෝගීන්ට සහ ඩෙංගු රක්තපාත රෝගීන් සදහා අවශ්‍ය ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය තායිලන්තයෙන් පමණක් ආනයනය කරන බවත් ඔවුහු පවසති.
තායිලන්තයෙන් ගෙන්වා ලබාදෙන මෙම ඖෂධය හැර වෙනත් කිසිම රටක නිෂ්පාදනය කරන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධ ශ්‍රී ලංකාවේ රෝහල්වල භාවිත නොකර බවත් එම නිවේදනයේ දැක්වෙයි.