ඩුබායි සිට මෙරටට නීතිවිරෝධී ලෙස රිදී කිලෝග්රෑම් 30 ක් මෙරටට රැගෙන ආ සැකකරුවෙකු ඊයේ (26දා) රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. කුරුණෑගල මාවතගම ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම රිදී තොගය සැකකරු විසින් සිය ගමන් මල්ලේ පාර්සල් දෙකක් ලෙස පිළියෙල කර සඟවා ගෙන රැගෙන විත් තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. අත්අඩංගුවට පත් රීදී තොගයේ වටිනාකම රුපියල් 27ක් පමණ වන බව රේගුව පවසයි.
(කටුනායක ටී.කේ.ජී.කපිල )