මැද පෙරදිග ඩුබායි රටේ ගෘහ සේවය සඳහා කාන්තාවන් හා පිරිමින් පිටත්කරන බව සඳහන් කරමින් කාන්තාවන් 40 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 16 ක් පමණ වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට වරකාපොළ පොලීසිය කටයුතු කර තිබේ.
එක් අයෙකුගෙන් රුපියල් 4000 බැගින් මුදල් රැගෙන තිබෙන අතර, එම සියලුම කාන්තාවෝ මේ වනවිට වරකාපොළ පොලීසියට පැමිණ සිය පැමිණිලි ඉදිරිපත් කරමින් සිටිති.
වරකාපොළ රංගන රුවන්