පසුගිය 05 දා තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ පැවති වෛද්‍ය සායනයකදී ධීවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දකුණු පළාත් ධීවර අමාත්‍යවරයා වන සී.වී.උපුල් අද (08දා) තිස්සමහාරාම පොලීසිය වෙත භාර විය.
මෙම පහරකෑමට ලක්වූ ධීවරයා තිස්සමහාරාම පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඒ අනුව අමාත්‍යවරය පොලීසියට භාර විය. මේ වන විට ඔහුගෙන් පොලීසිය කටඋත්තර ලබාගන්නා අතර, අද තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.