තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ පැවති වෛද්‍ය සායනයකදී ධීවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී.උපුල් මහතා අද (08දා) තිස්සමහාරාම පොලීසිය වෙත භාර විය. පළාත් අමාත්‍යවරයා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් පනස්දාහක ඇපමත මුදාහරින ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් උදයංගනී රාජපක්ෂ මහත්මිය නියෝග කළේය.
මෙම පහරකෑමට ලක්වූ ධීවරයා තිස්සමහාරාම පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඒ අනුව අමාත්‍යවරය පොලීසියට භාර විය. එමෙන්ම පහරකෑමට ලක්වසිටි අදාළ ධීවරයා දින දෙකක් හම්බන්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබේ. නඩුව නැවත මැයි 10 දා කැඳවීමට නියමිතය.