රටේ වැඩිවන අපරාධ මැඬලීම සඳහාත්, නියම අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනීම සඳහාත් ඩී.එන්.ඒ. රටා දත්ත බැංකුවක් ආරම්භ කිරීමට ජින්ටෙක් ආයතනය පියවර ගෙන ඇතැයි එහි විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා පැවසීය.
පසුගිය වසර 12 තුළ අප රටේ සිදු වූ ඉතා බිහිසුණු අපරාධ ඇතුළු අපරාධ 3500කට සම්බන්ධ අපරාධකරුවන් ඇතුළු පුද්ගලන් දහස් ගණනකගේ ඩී.එන්.ඒ. රටා උපයෝගී කරගනිමින් මෙම දත්ත බැංකුව ස්ථාපනය කරන බවද ඉලේපෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට අපරාධකරුවන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ ඩී.එන්.ඒ. දත්ත රටා දහස් ගණනක් ජින්ටෙක් ආයතනය සතුව පවතින බව පෙන්වාදෙන මහාචාර්ය රුවන් ඉලේපෙරුම මහතා අබිරහස් ඝාතකයන් හා අපරාධකරුවන් හෙළි කරගැනීමට මෙන්ම, දිගින් දිගටම එකම වරදේ නියැළෙන අපරාධකරුවන් අල්ලාගැනීම සඳහා ඩී.එන්.ඒ. රටා දත්ත බැංකුව උපයෝගී වන බවද පැවසීය.