හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට මරණීය තර්ජන එල්ල කිරීම පිළිබඳ නඩුව ලබන මාර්තු 31 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරැ අයිරාංගනී පෙරේරා මහත්මිය නියම කළාය.
මරණ තර්ජනයට ලක්වූ බව කියන රහස් පොලිස් නිලධාරීන් ඇතුළු සාක්ෂිකරැවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසටද ඇය නොතීසි නිකුත් කළාය.