පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සන්ධාන මාධ්‍ය සාකච්ඡාවකට වස බෝතලයක් රැගෙන වත්මන් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා එක් වරක් පැමිණියා. එසේ වස බෝතලයක් රැගෙන පැමිණීමට හේතුව ඔහු ඊයේ (11දා) බදුල්ලේදී පැවැති උත්සවයකදී පැවැසුවා.
“මම මැතිවරණ කාලේ පක්ෂය කෙරහි මාධ්‍ය අවධානය දිනාගන්න වස අරන් ගියා. දැන් මගෙන් ඇහුවම මම කියන්නෙ ඩිලාන් පෙරේරා වස වුණාට විෂ නැහැ කියලයි.
අපි මහින්ද මහත්තයාගෙ කාලෙ පක්ෂයක් හැටියට ඉදිරියට ආවා. දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ පක්ෂය හදන්න අවශ්‍යයි. එතුමා අපේ පක්ෂයෙ නායකයා. එතුමත් එක්ක වැඩකරන්න දැන් අපිත් පුරුදු වෙන්න ඕන.
නිමල් ඇමතිතුමා, මම, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත පසුගිය කාලෙ මහින්ද සුළඟටවත් මෛත්‍රීපාල කුණාටුවටත් ගියේ නැහැ. සුළඟ හොඳයි. සුළඟ හමන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ දිසාවටමයි. එහෙම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන දිසාවකට හැමුවොත් සුළු ජාතින්ගේ ඡන්ද ටික නැහැ.”යනුවෙනි.