ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ඉවත්කර වැඩබලන ලේකම්වරයෙකු පත්කිරීම නීතිවිරෝධීව සිදු කර ඇති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ඉවත් කර නව ලේකම්වරයෙක් පත්කළ හැකිකේ එහි විධායක සභාවට බවත් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා හා සන්ධානයේ ලේකම්වරයා ඉවත් කර ඒ වෙනුවට වැඩබලන ලේකම්වරුන් පත්කිරීම පිළිබඳව මාධ්‍යයට කරුණු පැහැදිලිකරමින් ඔහු මේ බව පවසයි.